Thursday, January 19, 2023

රෝස කුඩය තුන්වන කොටස❤️



 සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය.

ඔය ළමයා නේද කුසල්..
ඔව් ටීචර්..
ආ... මෙතනින් ඉදගන්නකෝ ටිකක්.ඔය ළමයා දවල්ට කෑවද.
කුසල් හිස හොසවා නැත යනුවෙන් පිළිතුරු දුන්නේය.
අපි මොනවා හරි  කාලා කතා කරමු කුසල්..
අනේ බෑ ටීචර් ..ටීචර් කන්න.
මෙහෙ එන්න ළමයෝ දන්නවද,බුදු සාධු පවා බඩගින්න ඉන්න කෙනෙක්ට බණ කිව්වේ කන්න දීලා .
අපි යමු පුතේ .
ඔය ළමයා පන්තියේ කීවෙනියද ගිය පාර
දෙවැනියා ටීචර්.
ආ..එහෙනම් මේ පාර පළවෙනියා වෙයිද දන්නේ නෑ ..ගුරුතුමිය අතේ තිබුණ රෝස කුඩය වනමින් කීවාය.

කුසල්ට ටීචගේ ඒ වචන අසා  සතුටු හිනාවක් ගියේ ඉබේටමය.ආගන්තුක වූ ටීචර් මේ දවස් දෙක තුනේ තමන්ගේ මුවට සිනාවක් ගෙනා සොදුරු අම්මා කෙනෙක් යැයි කල්පනා කරමින් ඔහු ඇගේ මූණ දිහා බලාගෙන  සිටියේය.

පුතේ මොනාද කල්පනා කරන්නේ අප්පේ ඔච්චර .
මේ ලෝකේ මට කවුරුත් නෑනේ.ටීචර් ළග ඉන්නකොට මගෙ අම්මා තාත්තා ළග ඉන්නවා වගේ දැනෙනවා..
ඉතිං මම ඔයාගේ අම්මයි තාත්තයි කියලා හිතන්නකෝ.එතකොට හරිනේ..

දෙදෙනාම සිනාසෙමින් හෙමීට අඩිය තිය තිය ගමන් කරන්නේ පොළවටත් නොදැනෙන්නටය. හමන සීත සුළං මැද හීනියට පොද වැස්සක් ආවේ නොසිතූ මොහොතේය.ටීචර්ගේ රෝස කුඩේ ඉහළගෙන දෙදෙනාම හිමිහිට කතා කරමින් ගමන් කළෝය.

(ඊළඟ කොටසින් හමුවෙමු)

1 comment:

  1. //මේ ලෝකේ මට කවුරුත් නෑනේ.ටීචර් ළග ඉන්නකොට මගෙ අම්මා තාත්තා ළග ඉන්නවා වගේ දැනෙනවා..//

    🥺🥺

    ReplyDelete

රෝස කුඩය තුන්වන කොටස❤️

 සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...