Friday, September 2, 2022

රෝස කුඩය

 

සීනුව නාද විය.කඩා බිදගෙන ළමෝ එක පෙළට ආපන ශාලාව වෙත ඇදී ගියෝ ය.පන්ති කාමරයේ සිටීමට කම්මැලිකමක් දැනුන නිසාවෙන් ආපන ශාලාව වෙත පියනගන්නට විය .නෙක නෙක අත දකින ආහාර දැක කෑමට ආශාවක් ඇති වුවත් එය මැඩ ගත්තේ මහත් ආයාසයනි.තනි වූ ටේබලයක් තුළ හිදගෙන වටපිට නොබැලීමට සිතුනේ සැවොම බලා සිටිනු ඇතැයි සිතට නැගුණු හෙයිනි.

" ඒයි .. ඕපපාතිකයා, ඔබ කන්නේ නැත්තම් අහකට පලයන් "

කනට නෑසූනා සේ සිටීමට උත්සහ කළද නොදැනුවත්ව ඉකි ගැසුනේ ය.

"උඹට ඇහෙන් නැද්ද ? එක පාරක් කිවුවහම යමන් ඉතින් " 

ඒ අනිත්  සිසුවන් දක්වන ප්‍රතිචාරයයි.

ඕපපාතික ලෙස ආමන්ත්‍රණය කළද සැබෑ නාමය කුසල් විය.කුසල් ළමා නිවාසයක රැකවරණය ලබන දරුවෙකි.ඔහුට ඔහුගේ අම්මා තාත්තා දෙදෙනාම අහිමිය.ඔහුට සිටින්නේ ඔහු හා සමාන ළමා නිවාසයක රැකවරණය ලබන මිතුරන් පමණි .ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ගැනීම නිසා ඉහළ පෙළේ පාසලට ඔහු වරම් ලැබුව ද ඔහුට එය අපායක් වූයේ යහළුවන් ඔහුව ගණන් නොගැනීමත් කොන් කිරීමක් නිසාවෙනි.ඔහුට එහි එකම සැනසීම අලුතෙන් පැමිණි නවක සිසුවා පමණි.

හිමිහිට පන්ති කාමරය වෙත ඇදී ගිය කුසල් තම ඩෙස්කය  දෙසට හිස තබා ගත්තේය.එවිට දිස්වුනු ලස්සන පාට පෙට්ටිය නෙත යොමු වූ කුසල්ට එය බැලීමට සිතුනි.වටපිට බැලූ ඔහු එය රැගෙන විවෘත කළේය.එහි එන නැවුම් සුවඳ විද මොහොතකට සතුටු වූයේ තමන් කෙදිනවත් එසේ සුවඳක් විද ගැනීමට වාසනාවක් ලද ඇත්තෙක් නොවුන හෙයිනි.අඩි හඩකින් තිගැස්සුන කුසල් පාට පෙට්ටිය තැබීමට යාමේ දී බිම වැටුණේ තමාට කිසිවක් කීමට ඉඩක් නොතබමිනි .

" ඕපපාතිකයා .. ඕක මගේ පාට පෙට්ටියනේ.ඔයා අතින්ද වැටුණේ ."

" අනේ සමාවෙන්න .මට ටිකක් බලන්න ආශාවක් ආවා."

" කමක් නෑ.ඔයා අඬනවද ?අඬන්න එපා ඕපපාතික "

" ඔයාට ඇයි ඕපපාතිකයා කියන්නේ, ඒකද ඔයාගේ නම"

"මගේ නම කුසල්. මම දුප්පත් කාත් කවුරුත් නැති කෙනෙක්.ඒකයි එහෙම කියන්නේ."

" අනේ එහෙමද දැන් අඬන්න එපා .දැන් අපි යාලුවනේ. ඒක නෙමෙයි පන්තියේ අනිත් ළමයි ඉද්දී  මාත් එක්ක තරහින් වගේ ඉන්න කුසල්.එතකොට මම ඕපපාතික කිව්වොත් වැඩිය හිතන්න එපා.මට වෙන කරන්න දෙයක් නෑ කුසල්."

" අනේ ඒකට කමක් නෑ.අනිත් අය  කියනවනම් ඔයා කිව්වහම මොකද? මට දැන් පුරුදුයි ඕවා"

හදිස්සියෙ ළමුන් පන්ති කාමරය වෙත එන්නට විය.ඒ පසුපස විදුහල්පතිතුමා හනික පන්තියට ආවේය.

අපේ විදුහල්පතිතුමා  සෝමරත්න විය .ඔහු දකින විට පන්තියේ ළමුන් සිනාව මැඩ ගන්නේ බොහොම අසීරුවෙන් . එම දවස මතකයේ නැගෙන විට මට තනියම කට කොණකට සිනාවක් නැගේ.

දිනක් ඔහු අප ඔහු  නවාතැන්ගෙන සිටින ගුරු නිවාසය වෙත පිරිසිදු  කිරීම සඳහා රැගෙන ගියේය.

"ඒයී මිනිහෝ.. ඔය මොකද කරන්නේ.තමුසෙ දැන් දවස් කීයක් රෙදි හෝදලා නැද්ද? මට බෑ හැමදාම හංවඩු ගසන ගහ රෙදි හෝදන්න." 

ඒ අපේ විදුහල්පතිගේ බිරිඳගේ නාදයයි.විදුහල්පතිතුමා ලැජ්ජාවෙන් බිම බලා ගත්තේය.

"හරි හරි ඉතිං ඕවා මෙතන කියන්න ඕන නෑනේ ..මේ ළමයිනුත් ඉන්නවා"

"ළමයි හිටියම මොකද .ගෝලබාලයොත් දැනගන්න ඕනේ තමන්ගේ විදුහල්පතිතුමාගේ තරම."ඇය කට කොනින් සිනාසී අප දෙස බැලුවාය.

"අනේ මේ ගෑනියෙක් මම කිව්වා කියලා හිතා ගනින්."

අඩිය හප්පා ආපසු හැරෙත් ම අසල තිබුණු තඩි වතුර බේසමකට ඇද වැටුණේය. එහිදී අප සිනා මැඩ ගත්තේ මහත් ආයාසයෙනි. එදා සිට ඔහු දකින සෑම මොහොතකම මෙම සිදුවීම චිත්‍රයක් සේ අප සිත් තුළ රැව් පිළිරැව් දෙයි.

(ඊලග කොටසින් නැවත හමුවෙමු)





6 comments:

රෝස කුඩය තුන්වන කොටස❤️

 සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...