![]() |
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය.
![]() |
ළමයි.. ආයුබෝවන්
ආයුබෝවන් සර්
ඔයාලගේ පන්තියට අලුත් ටීචර් කෙනෙක් එනවා .එයත් එක්ක හොඳට වැඩ කරන්න ඕනේ. උඹලා ජඩ වැඩ කරලා එහෙම මට අහුවෙන්න එපා. දැන් ඇවිදින් නැතුව පොතක් පතක් අරන් පාඩම් කරපල්ලා.
ඒ බං ..ලොකු සර්ට තේරෙන්නේ නැද්ද?හැම වෙලාවෙම පොතමයි ,පොතමයි.පීටී පීරියඩ් එකේවත් නිදහසක් නෑ.
" ආ එන්න ටීචර් .මේ තමයි ඔයාගේ අලුත් පංතිය .ළමයි මේ වාසනා ටීචර්.අද ඉදන් ඔයාලගේ පන්තිභාර ගුරුතුමිය."
ලස්සන දිග කැරලි කොණ්ඩයක් වාසනා ටීචර්ට ඇත.චූටි හුරුබුහුටි පෙනුමක් ඇති ඇය ඇත්තටම ලස්සනය.අපේ ලොකු සර් කියපු විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන තිබූ ටීචර්ගේ ඉස්සරලාම පත්වීම අපේ පාසලට විය.ටීචර්ගේ මුහුණ දිහා බලාගෙනම සිටින්නට සිතෙන්නේ ඇගේ මුහුණේ නිතර තිබෙන සිනහව නිසාවෙනි.
පංතියේ ළමුන් ටීචර් දැක කුසු කුසු ගාමින් මොනවදෝ කයවති.
"මම දැන් කෑ ගහන්න කිව්වදා ආ.මේ ටීචර්ට කරදර කරලා අහුවෙනවා නෙමෙයි.මම බලාගන්නම්කෝ එතකොට.."
" ටීචර් මම යන්නම් පොඩි වැඩ වගයක් තියනවා."
"හරි සර් මම ළමයින්ට කතා කරන්නම්"
"මේ පිනාට අපේ වැරදිමයි පේන්නේ.වෙන වැඩක් නැද්ද දන්නේ නෑ.නේද බං "
අනේ ඔව් බං .මොනා වුනත් අපේ පිනානේ....
හරි ළමයි මගේ නම වාසනා.ගම ගාල්ලේ.ඉතිං මම හිතනවා ඔයාලා මට උදව් කරයි කියලා.ඔයාලව හමුවීම සතුටක්.හැමෝම දැන් ඔයාලගේ නම මට කියාගෙන යන්නකෝ.ඔය පිටිපස්ස පෝලිමෙන් පටන් ගන්නකෝ.
පිළිවෙලට නම් කියාගෙන යන අතරතුර කුසල්ගේ වාරය පැමිණියේය.
ටීචර් ඔය ඉන්නේ ඕපපාතික...
"ඔය ළමයගේ නම මොකක් ද ඇත්තටම"
කුසල් ටීචර්
මෙච්චර හොද නමක් තියාගෙන ඔයාලා ඇයි මේ ළමයට ඔහොම කියන්නේ.මම ඉන්න තැන එහෙම කියලා අහුවෙන්න එපා ළමයි.
ටීචර්ගේ වචන ටික කුසල්ට මසුරන් විය.කවදාවත් නැති ලෙන්ගතුකමක් කුසල්ට ඇය ළග දැනෙන්නට විය.
(ඊළඟ කොටසින් නැවත හමුවෙමු.)
සීනුව නාද විය.කඩා බිදගෙන ළමෝ එක පෙළට ආපන ශාලාව වෙත ඇදී ගියෝ ය.පන්ති කාමරයේ සිටීමට කම්මැලිකමක් දැනුන නිසාවෙන් ආපන ශාලාව වෙත පියනගන්නට විය .නෙක නෙක අත දකින ආහාර දැක කෑමට ආශාවක් ඇති වුවත් එය මැඩ ගත්තේ මහත් ආයාසයනි.තනි වූ ටේබලයක් තුළ හිදගෙන වටපිට නොබැලීමට සිතුනේ සැවොම බලා සිටිනු ඇතැයි සිතට නැගුණු හෙයිනි.
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...